Recent Posts

Saturday, September 21, 2013

හාස්කමක මිල.




නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.ලතාත්තේ...ලහෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලාලඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?ලලදැන් ලගම එනවා ඇති දුවේල යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.ලදුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේලයැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්‍යවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,ලතාත්තේ...අම්මා මැරෙයිද?ලපුංචි සැලී දෙස ආදර”යව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නාලනෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවිලසැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්‍යවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.ලදැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයිල පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.ලහාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?ල සැලීට ප්‍රශ්ණයක්.හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්‍රමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.ලමොකද?ලලමම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න...ල සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,ලඑයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?ලමුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.ලමොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑල ඇය යලිත් විමසුවා.ලතාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?ලසැලී හැඩුම්බරව ඇසුවා.ලඅපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ...ලමුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.ලඅනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්...ලමෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,ලඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝල? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.ලමම දන්නේ නෑ අංකල්ල සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.ලමගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්නලලඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවදල?ඔහු ඇසුවා.ලඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්ල සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.ලහරි පුදුමයිල සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,ලමල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයිලඑක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,ලමාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේලඔහු පැවසුවා.ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වූ අතර ඔහු ඉතා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍යකර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවාලමට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?ලසැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි. 

උපුටගනිම අන්තර්ජලයෙන්

0 comments:

Post a Comment