Recent Posts

Monday, September 30, 2013

තුන වැදුන වෙලාව



මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

"මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

0 comments:

Post a Comment