Recent Posts

Wednesday, July 3, 2013

ආදරය

(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
(  https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )

ඉතාමත් දුප්පත් මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක් තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය සැමියාගෙන් ඉල්ලා සිටියා.

සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප‍්‍රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා.

ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.

පසු දින තම රැකියාවට ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් මිලට ගත්තා. නිවසට පැමිණි ඔහු පනාවත් අතැතිව තම බිරිඳ හමුවූවිට දුටුදෙයින් මවිත වුණා. ඔහු දුටුවේ බිරිඳගේ කොණ්ඩය ඉතා කොටවී ඇති බවය.

ඇය සිය කොණ්ඩය විකුණා සැමියාට ඔහුගේ ඔරලෝසුවට පටියක් ගෙනත් තිබුණා. දෙදෙනාගේම ඇස් වලින් එකවර කඳුළු කඩා වැටුනා. ඒ තරහෙන් නොවේ, ඔවුන් එකිනෙකා කෙරෙහි තිබුන ආදරය නිසා
-උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි-

0 comments:

Post a Comment