Recent Posts

Tuesday, February 4, 2014

රාවනා සීතා කුමරියව පැහරගෙන

දූතයන් : රාම කුමරුණි..!! රාවනා සීතා කුමරියව පැහරගෙන ගිහින්...

රාම : මොනවා ඔය රාවනාට මොළේ හොඳ නෑනේ මෙලහකට මොනව කරගෙනද දන් නෑ... ගනිං බලන්න රාවනාට කෝල් එකක්...

(රවනාගේ දුරකථනය නාද වෙයි... රාවනා දුරකථන ඇතුම ලබා ගනී...)

රාවනා : අනේ.. රාමේ.. බලපංකො මම උඹේ සීතා කුමරිව පැහරගෙන ඇවිත් කරගත්තු විනාශේ.. මේකි එක පාරයි ෂොපිං එක්කගෙන ගියේ.. බිල ගෙවන්න මගේ දඬුමොනරෙත් විකුණන්න උනානේ... අනේ තව මොනවා වෙයි ද දන් නෑ.. අපරාදේ මම ෂෝක් එකට තියාගෙන හිටපු දඬුමොනරේ... අනේ උමේ ඔය හනුමන්තා හරි එවලා මේකිව ආපහු අරං පළයන්කෝ... පිං සිද්ද වෙයි....

රාම : පළයං බං යන්න... මමත් මේ කොහොමද ගැලවෙන්නෙ කියලා බලාගෙන හිටියේ... වෙලාවට උඹ ඇවිත් අරගෙන ගියේ... ම්ම්ම්... කමක් නෑ.. උඹ මගේ හොඳ යාළුවනේ.. බලන්නං මොනවා හරි කරන්න... ඉතිං කෝ දැන් ඕකි...??

රාවනා : අර ඉන්නේ... facebook එකට වෙලා... රාමායනය කියවනවා....

0 comments:

Post a Comment